Tuesday, May 6, 2025
Home » ඉන්දියාව ලකුණු 394ක් පසුපසින්

ඉන්දියාව ලකුණු 394ක් පසුපසින්

by sachintha
December 17, 2024 2:01 am 0 comment

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සංචාරක ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 394ක් පසුපසින් සිටියේය.

ඊයේ තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4ක් දැවී ලකුණු 51ක් රැස් කර තිබුණේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 445ට පිළිතුරු ලෙසිනි.

යෂස්වි ජයිස්වාල් (4), ශුබ්මන් ගිල් (1), විරාට් කෝලි (3) සහ රිෂාබ් පාන්ට්ට (9) වේලාසනින්ම යළි ක්‍රීඩාගාරය බලා යෑමට සිදු වූ අතර, ලෝකේෂ් රාහුල් (33) සහ නායක රෝහිත් ශර්මා (0) නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

කඩුලු 7ක් දැවී ලකුණු 405ක් රැස් කර තිබියදී දිනය ඇරඹූ ඔස්ට්‍රේලියානු ඉනිමට අර්ධ ශතකයක් එක් කිරීමට අලෙක්ස් කේරී (70) සමත් වූ අතර, දෙවැනි දිනයේදී ස්ටීව් ස්මිත් (101) සහ ට්‍රැවිස් හෙඩ් (152) ශතක වාර්තා කර තිබිණි. ස්මිත් 33 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, හෙඩ් මේ තරගාවලියේ පිට පිට රැස් කළ දෙවැනි ශතකය මෙයයි.

පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 6ක් බිඳ දැමූ අතර, මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT