Saturday, May 10, 2025
Home » ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට

ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට

by yasara
December 18, 2024 7:34 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එතුමා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය  මහාචාර්ය අනිල් ජයන්ත , අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි .

ඔවුන් ඊයේ  රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 12/15 දින සිය ඉන්දීය සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT