529
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් කාරක සභා සභාපති ධුරයට පත් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් ලෙස කථානායකවරයා විසින් පහත සඳහන් මන්ත්‍රීවරුන් තවදුරටත් නිවේදනය කළේය.
හර්ෂණ සූරියපෙරුම
රවී කරුණානායක
හර්ෂණ රාජකරුණා
නිමල් පලිහේන
විජේසිරි බස්නායක
තිළිණ සමරකෝන්
ලක්මාලි හේමචන්ද්‍ර