Home » සලසි ලංකා ඉංජිනියරින් සිය වෙබ් අඩවිය ජනගත කරයි…

සලසි ලංකා ඉංජිනියරින් සිය වෙබ් අඩවිය ජනගත කරයි…

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රමුඛතම පෞද්ගලික සමාගමක් ලෙස සලසි ලංකා (පුද්) සමාගම හැඳින්විය හැකිය. 2000 වසරේ සිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත මෙම ආයතනය 2017 වසරේදී CIDA ආයතනය විසින් පිරිනමනු ලබන කන්ස්ට්‍රක්ෂන් එක්සලන්ස් සම්මානය ද හිමිකර ගත් සමාගමකි.

සලසි ලංකා (පුද්) සමාගම විසින් කර්මාන්ත සඳහා ඉංජිනේරු සේවා සැපයීම අරමුණු කර ගනිමින් 2009 දී සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම සංස්ථාපිත කරන ලද අතර එම සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘති රැසකටම සිය දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයක් වේ. මෙම සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම මඟින් ඉටු කරනු ලබන ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සේවා පිළිබඳව වඩාත් හොඳින් මෙරට ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා එහි නව වෙබ් අඩවිය www.sles.lk ලෙස 2024 දෙසැම්බර් මස 11 වැනි දින කොළඹ, මරදානේ, අංක 44 ලිපිනයේ පිහිටි සලසි ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

මෙම සුවිශේෂ හා සාඩම්බර අවස්ථාවේදී අදහස් දැක්වූ සලසි ලංකා (පුද්) සමාගමේ හා සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගමේ සභාපති යූ.ඒ. පාදුක්ක මහතා සඳහන් කළේ තම සමාගම සමඟ කටයුතු කරන පාරිභෝගික ජනතාවට හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට තම සමාගම් සම්බන්ධව නිවරැදිම හා නවතම ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය පිළිබඳව දැනගැනීම සඳහා අවස්ථාව ලබාදීම මෙම www.sles.lk වෙබ් අඩවිය හඳුන්වා දීමේ මූලික අරමුණ වූ බවයි. එමෙන්ම ආයතනය වෙත පමිණීමෙන් තොරව පාරිභෝගිකයින්ට තම සමාගම් හී සේවා ලබා ගැනීමටත්, මීට පෙර සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම සම්බන්ධ වී කටයුතු කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපෘති පිළිබඳව දැනගැනීමටත්, තම සමාගම විසින් අලෙවි කරන විවිධ අයිතම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් මෙම වෙබ් අඩවිය හරහා හැකියාව ලැබෙන බවද පාදුක්ක මහතා මෙහිදී පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට සලසි ලංකා ව්‍යාපාර සමූහය සමඟ ඉතාම සමීපව ව්‍යාපාර කටයුතු හී නිරතවන Ardex – Quickseal Singapore Company හී කලාපීය ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු Teresa Lim (තෙරේසා ලිම්) මහත්මිය සමඟ සලසි ලංකා (පුද්) සමාගමේ හා සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT