Sunday, May 11, 2025
Home » නෙළුම් කුලුනේ පිහිටි Blue Orbit by Citrus
දකුණු ආසියාවේ උසම අවන්හලේ සොඳුරුතම අත්දැකීමක්

නෙළුම් කුලුනේ පිහිටි Blue Orbit by Citrus

by mahesh
December 18, 2024 1:00 am 0 comment

කොළඹ අහසේ උසම ස්ථානයේ සිට අංශක 360ක වපසරියක් නැරඹීමට හැකිනම්, ඒ අතරේ ලොව රසවත් ආහාර රෙසිපියකට අනුව පිසූ භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට ලැබේ නම් Blue Orbit by Citrus ආරාධනා කරන්නේ එවන් අත්දැකීමක් සඳහායි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ලෙස හඳුන්වන කොළඹ නෙළුම් කුලුනේ පිහිටා ඇති මෙම කැරකෙන අවන්හල දෙස් විදෙස් අමුත්තන් සඳහා විවෘත ය.

Blue Orbit by Citrus මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන ප්‍රකාශ කළේ, “මෙම උත්සව සමය සුවිශේෂ කරලීම සඳහා ඔවුන් හොඳ සූදානමකින් සිටිනා බවයි. ලොව රටවල් කිහිපයකම භෝජන වට්ටෝරු, ආකර්ෂණීය දසුන් සහ ශ්‍රී ලංකාවේ උසම කැරකෙන අවන්හලේ අද්විතීය අත්දැකීමත් සමඟ අමතක නොවන මතකයක් සඳහා අමුත්තන් පිළිගැනීමට අපි සූදානමින් සිටින්නෙමු” ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT