වසර 137ක දීර්ඝ ඉතිහාසයකින් සමන්විත, ඉන්දියාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම (NBFC) වන Muthoot Finance සහ එහි ශ්‍රී ලාංකේය අනුබද්ධිත ආයතනය වන Asia Asset Finance PLC විසින් වසර 10 ක සාර්ථක සාඩම්බර හවුල්කාරීත්වය සමරනු ලබයි. ගෙවුණු දශකය තුළ මෙම සහයෝගිතාව හරහා දේශ සීමා බිඳ දමමින් නව්‍යකරණයෙන් යුත් මූල්‍ය සේවාවන් විප්ලවීය වෙනසකට ලක් කිරීමට ඔවුන් සමත් වී ඇත. සුවිශේෂී සංධිස්ථාන සහ ජයග්‍රහණ Muthoot Finance සහ Asia Asset Finance සහයෝගිතාව හරහා රන් ණය, ස්ථාවර තැන්පතු සහ කල් බදු, ඉඩම් ණය යන මූල්‍ය නිෂ්පාදනවල සුවිශාල අන්දමේ වර්ධනයක් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 30 දා වන විට Asia Asset Finance සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 32.28ක් (USD 107.188M) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24.74%ක වර්ධනයකි.
පසුගිය වසරේ දී සමාගම විසින් ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5.5කි (USD 18.26M). ඒ වගේම සමාගම විසින් ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 26.1ක් (USD 86.67M) දක්වා වැඩි වී ඇත. මීට අමතරව සමාගම විසින් පසුගිය වසරට සාපේක්ෂව 102% ක වර්ධනයක් සනිටුහන් කරමින් 16.38% ක කොටස් ප්‍රතිලාභ (ROE) වාර්තා කරන ලදි. මේ වාර්තා සියල්ලන්ගෙන් ම පෙනී යන්නේ, Asia Asset Finance සමාගමේ උපාය මාර්ගික විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය කාර්ය සාධනයේ විශිෂ්ටත්වයයි.
Muthoot Finance සමාගම විසින් ද 31% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, ඒකාබද්ධ ණය AUM ඉන්දීය රුපියල් බිලියන 1,041.49 ක් (USD 12.6B) වාර්තා කරන ලදී. එසේම සමාගම විසින් බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ලෙස ඉන්දීය රුපියල් බිලියන 25.17 ක් (USD 304M) ද වාර්තා කළේය.