Home » ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA සමුළුවේ දී ඇගයීමට ලක්වෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA සමුළුවේ දී ඇගයීමට ලක්වෙයි

by chanaka
December 18, 2024 2:45 pm 0 comment

ඒ. සුපේසන් මහතා, යාපනය ශාඛා කළමනාකරු, ජාතික මට්ටමේ සම්මානය ලබා ගනිමින්

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA විකුණුම් කණ්ඩායම, ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ 15 වැනි ජාතික සමුළුවේ (NAFLIA) පැවති, 2023 ජීවිත රක්ෂණ කර්මාන්ත විකුණුම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය.

මෙම විශේෂ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ජිවිත රක්ෂණ උපදේශකවරුන්ගේ සුවිශේෂී ජයග‍්‍රහණ සමරනු ලැබීය.

හොඳම ශාඛා කළමනාකරු කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි යාපනය ශාඛා කළමනාකරු ඒ. සුපේසන් මහතා සහ ගම්පහ ශාඛා කළමනාකරු රෝහණ කුමාර මහතා පිළිවෙළින් මහා පරිමාණ සමාගම් කාණ්ඩයේ සහ ජාතික මට්ටමේ රිදී සහ ලෝකඩ සම්මාන දිනා ගන්නා ලදී.

මෙම උත්සවය 2024 දෙසැම්බර් 3 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්විණි.

රෝහණ කුමාර මහතා, ගම්පහ ශාඛා කළමනාකරු, ජාතික මට්ටමේ සම්මානය ලබා ගනිමින්

රෝහණ කුමාර මහතා, ගම්පහ ශාඛා කළමනාකරු, ජාතික මට්ටමේ සම්මානය ලබා ගනිමින්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT