Tuesday, May 6, 2025
Home » වනුවාටු දූපත් රාජ්‍යයට 7.3ක භූ කම්පනයක්

වනුවාටු දූපත් රාජ්‍යයට 7.3ක භූ කම්පනයක්

by mahesh
December 18, 2024 1:00 am 0 comment

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යයේ ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 7.3ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වනුවාටු හි පෝර්ට් විලා අගනුවර එම භූ කම්පනය සිදුවී ඇති අතර, නිවාස, ගොඩනැඟිලි සහ රථවාහන රැසකට ඉන් හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ද හානි සිදුවී තිබේ. භූ කම්පනයත් සමඟ වනුවාටු හි දුරකතන පද්ධතිය ද බිඳ වැටී ඇති බැවින් පුද්ගල හානි පිළිබඳ නිශ්චිත තොරතුරු නැති බව වාර්තා වේ. කෙසේ වුවද එක් මරණයක් වාර්තා වන බවත්, තුවාල ලැබූ කිහිපදෙනකු ප්‍රතිකාර ගත් බවත් පෝර්ට් අගනුවර රෝහල් බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT