44
ආන්දෝලනයට තුඩුදුන් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ, හෙට (19) උදෑසන 9.00ට පෙර අදාළ සවිස්තර වාර්තාව ඉදිරිපත් කරන්න ලෙසය.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය අද(18) නිකුත් කරනු ලැබීය.