Home » ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනු කළ පෙත්සම්වල තීන්දුව ලබන 31වැනිදා

ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනු කළ පෙත්සම්වල තීන්දුව ලබන 31වැනිදා

by chanaka
December 18, 2024 4:24 pm 0 comment

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසන් කර තිබේ.

ඒ අනුව එහි තීන්දුව ලබන 31වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර ඇත.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගත්තේය.

ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් වී තිබේ.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට (19) පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT