Home » ප්‍රේම් තකාර්ගෙන් රහස් ප්‍රකාශයක්

ප්‍රේම් තකාර්ගෙන් රහස් ප්‍රකාශයක්

by chanaka
December 18, 2024 4:46 pm 0 comment

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා T-10 ක්‍රිකට් තරගාවලියේ දී එම තරගාවලියට සහභාගී වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නමැත්තා අද(18) පැයකට ආසන්න කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී ඇත.

තමන් සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව සැකකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉකුත් නඩු දිනයේ අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව, එම සැකකරුගේ රහස් ප්‍රකාශය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ නිලමැදිරියේදී අද දහවල් සටහන් කර ගැනීම සිදුවිය.

පැයකට ආසන්න කාලයක් එම සැකකරු විසින් අදාළ රහස් ප්‍රකාශය සිදුකළ බවත් සඳහන් වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ලබන 20 වැනිදා සළකා බලන බවත්, එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT