ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) පෙරේදා (16) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
පෙරේදා (16) රාත්‍රී 06.00ට කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එයාර් අස්තානා ගුවන් සේවයේ KC- 167 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා එයාර් අස්තානා ගුවන් සේවය, එයාර් බස් A -320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 08 දෙනෙක් පැමිණ සිටියහ.
මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
මෙම ගුවන් යානයෙන් පැමිණි කසකස්තාන ජාතික ගුවන් මඟීන් උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි.