Tuesday, May 6, 2025
Home » ‘දිනමිණ’ අභිමානවත් 115 වැනි සංවත්සරය සමරයි

‘දිනමිණ’ අභිමානවත් 115 වැනි සංවත්සරය සමරයි

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර
දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දස­නා­යක මහතා දින­මිණ උප­න්දින කේක් ගෙඩිය කප­මින්

ලංකාවේ සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් දිනපතා මුද්‍රණය කරනු ලබන දිනමිණ පුවත්පත සිය අභිමානවත් 115 වැනි සංවත්සරය කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් දිනමිණ කර්තෘ මණ්ඩල පරිශ්‍රයේදී ඉතා චාම් අයුරින් ඊයේ (17) සැමරුවේය.

සංවත්සර උත්සවයේදී දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා සියලු දෙනා පිළිගනිමින් දිනමිණ ගමන් මඟ හා ඉදිරි ගමන් මඟ පිළිබඳ කෙටි දෙසුමක් පැවැත්වූ අතර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා විසින් 115 වැනි සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන එක් කරන ලදි.

දිනමිණ කර්තෘවරයා විසින් උපන්දින කේක් ගෙඩිය කැපීම සිදු කරනු ලබීය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනදාස පීරිස්, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියගල, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක යාපා, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන, සිළුමිණ ප්‍රධාන කර්තෘ උදේනි සමන් කුමාර, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්දිල් වේලවර් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සැමරුම් අවස්ථාවට එක්ව සිටියහ.

සිළු­මිණ කර්තෘ උදේනි සම­න් කු­මාර, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (දැන්වීම්) චින්තක යාපා, සාමා­න්‍යා­ධි­කාරි සුමිත් කොත­ලා­වල, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවි­ට­ය­ගල, 
මෙහෙ­යුම් අධ්‍යක්ෂ චාමර ජනදාස පීරිස් මහත්වරුන් දින­මිණ සැම­රු­මට පැමිණ සි‌ටි අයුරු

සිළු­මිණ කර්තෘ උදේනි සම­න් කු­මාර, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (දැන්වීම්) චින්තක යාපා, සාමා­න්‍යා­ධි­කාරි සුමිත් කොත­ලා­වල, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවි­ට­ය­ගල, මෙහෙ­යුම් අධ්‍යක්ෂ චාමර ජනදාස පීරිස් මහත්වරුන් දින­මිණ සැම­රු­මට පැමිණ සි‌ටි අයුරු

දිනමිණ 115 වැනි සැමරුමට එක් වූ කර්තෘ මණ්ඩ­ල සාමා­ජි­ක­යන් පිරිසෙන් කොටසක්

දිනමිණ 115 වැනි සැමරුමට එක් වූ කර්තෘ මණ්ඩ­ල සාමා­ජි­ක­යන් පිරිසෙන් කොටසක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT