Home » නැන්දම්මාගේ හත්දවසේ දානමය පින්කමට බඩු ගේන්න ගිය කත මරුට

නැන්දම්මාගේ හත්දවසේ දානමය පින්කමට බඩු ගේන්න ගිය කත මරුට

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මුල්ලේරියාව සිරිසේන ගමගේ

නැන්දම්මාගේ හත්දවස දානමය පින්කමට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ඒමට සැමියා සමඟ යතුරුපැදියකින් වෙළෙඳපොළට ගොස් නිවස බලා ගමන් කරමින් සිටි කාන්තාවක් යතුරුපැදියෙන් විසිවී මගී බස් රථයක ගැටී ඒ ස්ථානයේදීම මියගොස් ඇත. ධාවනය වෙමින් තිබුණු යතුරුපැදිය ඉදිරි පසින් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු අනතුරට ලක්නොකර බේරීමට සැමියා විසින් යතුරුපැදිය ඉවතට හැරවීමේදි කාන්තාව විසිවී ගොස් බස් රියේ පසුපස රෝදයකට යටවී ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ කැලණිමුල්ලේ පදිංචිව සිටි සරෝජිනි තුෂාරි සුමිත්‍රා නමැති 48 හැවිරිදි එක්දරු මවකි.මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ කොටිකාවත්ත හන්දිය ආසන්නයේදී පෙරේදාය.අනතුර සිදුවූ බස් රථය පිටකොටුවේ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබු ලංගම බසයකි.

මියගිය කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් දේහය තැන්පත් කළ පෙට්ටිය මුද්‍රා තබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT