Sunday, May 11, 2025
Home » බස්නාහිර ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

බස්නාහිර ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

by chanaka
December 18, 2024 12:46 pm 0 comment

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම සඳහා අදාළ ගුරු හිඟය උග්‍රව පවතින බවය .

මෙම තත්වයට විසඳුමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම, දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT