Home » ආණ්ඩුකරණය ලබාගෙන දැන් විකල්පයක් නැහැ කියනවා

ආණ්ඩුකරණය ලබාගෙන දැන් විකල්පයක් නැහැ කියනවා

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

by mahesh
December 18, 2024 1:00 am 0 comment

විකල්පයක් තිබෙන බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුකරණය ලබාගෙන දැන් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.

පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6500 ක ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් වූ යෝජිත පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසීය.

විකල්පයක් තිබෙනවා. එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා කියලා තමයි මට පෙර කතා කළ මන්ත්‍රීවරිය කියන්නේ. හැමදාම විකල්පයක් ගැන කතා කරනවා. එහෙම නම් එය ක්‍රියාවට නැංවිය යුතුයි. විකල්පයක් තිබෙන බවට රටට පෙන්වලා මෙතැනට ඇවිත් විකල්පයක් නැති බවට පැවසීම සුදුසු නැහැ. අපි නව ලිබරල්වාදීන් නොවෙයි. සමාජවාද වෙළඳපොළ ගැන අපි දිගින් දිගටම කතා කළා. වසන්ත සමරසිංහ මහතා සමඟ අර්ථසාධකයට සටන් කළේ මීට වසර 20 කට පෙර. අපි අද නොවෙයි මේ කතාව කීවේ. ඩී.එස්.ඒ. එක තුළ මෙය ක්‍රියාත්මක කළ හැකි බවට අපි ප්‍රකාශ කරනවා.

සභානායක බිමල් රත්නායක මහතා-

නම් කීම සම්බන්ධ ස්ථාවර නියෝගය භාවිතා කිරීම සම්බන්ධව ස්ථාවර නියෝගවල පැහැදිලි කර තිබෙන්නේ නමක් කී සැණින් කතාවක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT