66
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා අද(18) මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
නිසාම් කාරියප්පර් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයාය.
ඔහුගේ නම නොමැතිව සමගි බලවේග ජාතික ලෑයිස්තු මන්ත්‍රි ධුර ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාවට යැවීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් පෙත්සම ගොනු කරන ලදී.