සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පහළ හංවැල්ල, දිසාවත්ත ප්‍රදේශයෙන් නගරයට ඇතුළුවීම සඳහා සකස් කර ඇති විකල්ප මාර්ගය ආරම්භයේ මාර්ගය හරහා වැටී ඇති කානු පද්ධතියට දමා ඇති කොන්ක්‍රීට් ආවරණවලින් එක් ආවරණයක් දෙකට කැඩී යාමෙන් එම ස්ථානය දිවා රාත්‍රී දෙකෙහිම ඉතාමත් අනාරක්ෂිත බව රියැදුරෝ පවසති. මීට පෙර අවස්ථාවකදී මෙම ස්ථානයේ මේ අයුරින්ම කොන්ක්‍රීට් ආවරණ කීපයක් කැඩී යෑමෙන් පසු අදාළ අංශ විසින් එම ස්ථානයට කොන්ක්‍රීට් ආවරණ දමා ප්‍රතිසංස්කරණය කරන ලදි. එලෙස ප්‍රතිසංස්කරණය කළ කොන්ක්‍රීට් ආවරණවලින් එක් ආවරණයක් දෙකට මැදින් කැඩී ඇති අතර තවත් ආවරණ දෙකක් අඩ වශයෙන් කැඩී ගොස් ඇතැයි ඔවුහු පවසති. මෙම ස්ථානයේ පදික මාරුවක් නොතිබීම නිසා බොහෝදෙනකු මෙම කොන්ක්‍රීට් ආවරණ මතින් මාර්ගයේ එහා මෙහා ගමන් කරනු ලබයි. එබැවින් මෙලෙස අනාරක්ෂිතව පවතින ස්ථානය යථා තත්ත්වයට පත් කර දෙන මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.
හංවැල්ල-දිසාවත්තේ කානුවල කොන්ක්‍රීට් ආවරණ කැඩිලා
ජන ජීවිත අනතුරේ
by mahesh
December 18, 2024 1:04 am
0 comment
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ
41
කලින් පුවත