57
මහරගම අපේක්ෂා රෝහලේ රසාවි ගොඩනැඟිල්ලේ පස්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයකු දිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල ගල්පාත ප්‍රදේශයේ පදිංචි පුංචි වෙදගෙදර රාළලාගේ නාමල් ප්‍රසන්න කරුණාරත්න (40) නම් අවිවාහකයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාගේ පෙනහල්ලේ ඇති වූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 14 දා ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට පැමිණ ඇති අතර එහි තෙවැනි මහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.
පසුව ඔහු (17) දා එම ගොඩනැඟිල්ලේ පස්වැනි මහලට ගොස් ඉන් බිමට පැන ඇති අතර එහි දී බිම් අතුරුම් ගල් මතට වැටී අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පැවසේ.