Home » තරුණියට අතවර කළැයි ප්‍ර‍වීණ සංගීත විශාරදවරයාට ලක්ෂ 5ක ශරිර ඇප

තරුණියට අතවර කළැයි ප්‍ර‍වීණ සංගීත විශාරදවරයාට ලක්ෂ 5ක ශරිර ඇප

by mahesh
December 18, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම-බිමල් ජයසිංහ

විසිපස් හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍ර‍වීණ සංගීත විශාරදවරයකු රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග ඊයේ (17) නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ නුගේගොඩ පදිංචි ප්‍ර‍වීණ සංගීත විශාරදවරයෙකි.

දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉකුත් 23 වෙනි දින කරන ලද පැමිණිල්ලක් නුගේගොඩ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශයට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කරනු ලැබීය. පැමිණිලිකාර තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද ලබාගැනීමට පියවර ගෙන තිබිණි. පැමිණිල්ලට අදාළ සියලු සාක්ෂි මෙන්ම සීසීටීවී දර්ශන සාක්ෂි සහිතව නුගේගොඩ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය සිදුකළ විමර්ශනවල දී සොයාගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT