55
මියන්මාරයේ සිට යාත්‍රාවක් මඟින් වෙනත් රටකට යෑමේ අරමුණෙන් පැමිණ ඇති සරණාගතයන් 103 දෙනකුගේ දිවි බේරා ගැනීමට මෙරට ධීවරයන් පිරිසක් ඊයේ (19) සමත්ව තිබිණි. ආහාර හෝ වතුර නැතිව සිහිසුන් වී අසනීප තත්ත්වයේ පසු වන මේ පිරිස අතර ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් ද වේ. මුලතිව්, මුල්ලිවයික්කාල් බටහිර වෙරළ තීරයට එම යාත්‍රාව ඊයේ (19) ගොඩගසා තිබුණේ මෙසේය.