Home » පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: තවත් කරුණු රැසක් එළියට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: තවත් කරුණු රැසක් එළියට

CIDය කියයි

by mahesh
December 20, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් හෙළිවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා බැඳී ඇති වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනිඅවි පැහැර ගැනීම සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන්ට පවා ඇතැම් ඉහළ නිලධාරීන් විසින් එල්ල කරන ලද බලපෑම් ගැන පවා තොරතුරු මේ වන විට හෙළිවෙමින් ඇති බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කරමින් සිටියි. පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමීම එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාවක් බවට පෙන්වීමට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකුගේ නිවෙසේ තිබුණු ජැකට්ටුවක් පොලිස් නිලධාරීන්, ඝාතනය වූ ස්ථානය අසලට දමා එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ගැන පවා විමර්ශනයේදී සුවිශේෂ අවධානයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. එවකට මඩකලපුවේත් නැඟෙනහිර පළාතේත් පොලිස් ප්‍රධානීන් ලෙස සේවයේ නිරත නිලධාරීන් කිහිපදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT