Home » AEN පාම් ඔයිල් නිෂ්පාදන සමාගමෙන් පාසල් දරුවන්ට පොත්

AEN පාම් ඔයිල් නිෂ්පාදන සමාගමෙන් පාසල් දරුවන්ට පොත්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

වැවිලි කර්මාන්තයේ ඇති ගැටලු කඩිනමින් විසඳීමට වැවිලි කර්මාන්තය සක්‍රිය සබඳතාවක් ඇති පාම් ඔයිල් ගැටලුව පිළිබඳවත් තම රජයට අවබෝධයක් ඇති බවත් නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පසුගියදා බදුරලියේදී පැවසීය.

බදුරලිය පාම් ඔයිල් නිෂ්පාදන සමාගම 14 වැනි වතාවටත් පැවැත්වූ පාසල් දරුවන්ට අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ නලින්ද ජයතිස්ස ඇමැතිවරයායි.

මෙහිදී AEN කර්මාන්ත ශාලාව අවට ඇති පාසල් 17ක දූ දරුවන් 2000ක් සඳහා අභ්‍යාස පොත් බෙදා දුනි.

“AEN කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පරිපාලන නිලධාරි රුවන් ගුණවර්ධන මහතා පවසා සිටියේ කර්මාන්ත ශාලාව අවට ගම්වැසියන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ආදායම රබර් වගාව වුවත් වසර පුරා ලැබෙන අධික වර්ෂාව නිසා රබර් වගාවෙන් නිසි ආදායමක් ලබාගැනීමට නොහැකි අසීරු තත්ත්වයකට ගොවි ජනතාව පත්වී ඇති බවයි. එවැනි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීම සඳහා මෙම පොත් බෙදාදීම වාර්ෂිකව සිදුකරන බවත් ප්‍රදේශයේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ අවධානය යොමුකරමින් පාසල් 8කට දිවා ආහාරය නිතිපතා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන බවත් ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වී සිටි කුඩා වතු හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ මෙසේ ද කීය. “AEN කර්මාන්ත ශාලාවෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගනිමින් අපගේ ඉඩම්වලින් පලදායී ආදායමක් ගැනීමටනම් කටු පොල් වැවීමේ අවසරය ලබාදිය යුතුයි. අපි රජයට අවධාරණය කරන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල් මේ භෝගය කුඩා වැවිලිකරුවන්ට හඳුන්වා දී ලබා ඇති දියුණුව ගැන සොයාබලා තීරණයක් ගන්නා ලෙසයි. අපි ගොවිතැන ආඩම්බරයෙන් කරන්න කැමැතියි. එහෙම වුණොත් අපිට අස්වැසුම වුවමනා නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT