Home » 21 වැනි රයිගම් ටෙලීස් වසන්තයට සූදානම්

21 වැනි රයිගම් ටෙලීස් වසන්තයට සූදානම්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

රයිගම් සමූහ ව්‍යාපාරය විසින් වාර්ෂිකව සිදු කරන ජාතියේ මහා ඇගයීම් උලෙළ වන රයිගම් ටෙලීස් වසන්තයට මෙවරත් සුපුරුදු පරිදි කටයුතු සූදානම් වෙයි. එය මෙවර පවත්වන්නේ 21 වැනි වරටය. මෙහිදී 2024 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ ඇතුළුව කලා ක්‍ෂේත්‍රයන්හි නියැළෙන ශිල්පීන්ගේ නිර්මාණ හා කුසලතාවන් ඇගයීමට ලක් කෙරේ.

මෙම සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, විනිශ්චය මණ්ඩල සාමාජික රවින්ද්‍ර ගුරුගේ, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවිකරණය හා පාරිභෝගික සබඳතා සහ කාඩ් මධ්‍යස්ථානයේ තාරක රන්වල යන මහත්වරුන් ඊට සහභාගි වූහ.

ඒ අනුව මෙය පෙළගස්වා ඇත්තේ මෙසේයි.

* 2024 වර්ෂයට අදාළ අයදුම්පත් හා නිර්මාණ භාර ගන්නා අවසාන දිනය – 2025 ජනවාරි 15

* නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ – 2025 පෙබරවාරි මස 28

* සම්මාන රාත්‍රිය, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී – 2025 මාර්තු 29ය.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයදුම්පත් බාර ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙනි. එසේම ඒවා නාළිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මඟින් සිදු කෙරේ. සියලු අයදුම්පත් අදාළ නාළිකා ප්‍රධානීන් විසින් සලකා බැලෙන වර්ෂයට අදාළව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි. උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරේ.

මෙහිදී කලින් තීරණය කරන ලද ටෙලිනාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලයේ විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපය අනුව තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා ගැනේ. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයෙන් තෝරාගනී. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ. මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන මධ්‍යම රාත්‍රිය දක්වා SMS මත විමසුම විවෘතව පවතී. ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය සඳහා පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුවේ. ප්‍රණාම සම්මාන 2ක් වාර්ෂිකව ප්‍රදානය කරන අතර ජීවිතයේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. රූපවාහිනී නාළිකාව ඇගයීම සහ කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන රාත්‍රිය අවසන් වේ. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලිස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලුම නිර්දේශලාභීන් සහ සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකපතක් ද පිරිනමනු ලැබේ.

මෙහිදී සම්පත් බැංකුව, ඩයලොග් ටෙලිවිෂන්, අලියාන්ස් ඉන්ෂුවරන්ස්, ඉමැජින් එන්ටර්ටේට්මන්ට්, ආර්යා ප්ලස්, දංකොටුව පෝසිලෙන්, සැලෝන් නයනා, ස්ටෝං ඇන්ඩ් ස්ට්‍රීං අනුග්‍රාහක සංකේත හුවමාරු කර ගැනීමද මේදින සිදුකෙරිණි.

උලෙළ නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් විසින් නිර්මාණයන් ඉදිරිපත් කිරීම සඳහා වැඩි විස්තර ලබා ගැනීමට raigamcreations@gmail.com හා www.raigamtelees.lk වෙතින් විමසිය හැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT