Home » මෙන්න පොලීසියේ නියම මහත්මයෙක්

මෙන්න පොලීසියේ නියම මහත්මයෙක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

කළුතර උතුර ගාලු පාරේදී සිය රෝද පුටුවේ රෝදය ගැලවී අසරණව සිටි යාචක පුද්ගලයෙකුට ඒ අසල රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු රෝදය සකස් කර රෝද පුටුව තල්ලු කරගෙන ගොස් ඔහුට සහාය වන අයුරු දැකගත හැකි විය.

මෙසේ සහාය වූයේ කළුතර කොට්ඨාස රථවාහන අංශ සැරයන් (11341) ඩබ්ලිව්.පී.කේ. සමන්තිලක මහතාය.

පාද දෙකෙහිම ආබාධ සහිතව රෝද පුටුවෙන් ඊයේ (19) දහවල් දැඩි අව් රශ්මිය පැවති කාලයේ ගාලු පාරේ වාද්දුව දෙස සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රෝද පුටුවේ වම්පස රෝදය ක්‍රියා විරහිතවී රෝද පුටුව එක තැන නතර විය.

මෙය දුටු මගීන් කිහිප දෙනෙකු ඉවත බලා යද්දී ඒ අසල රාජකාරි කරමින් සිටී සැරයන්වරයා රෝදය සකස් කර දී ටික දුරක් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් ඔහුට සහාය විය.

ගිනි අව්වේ සිය රාජකාරිය ද මොහොතකට පසෙක දමා රාජකාරි කළ සැරයන් සමන්තිලක මහතාගේ ක්‍රියාව සමාජයේ ඇගයීමට ලක්විය යුතුව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT