Sunday, May 11, 2025
Home » කසිප්පු උවදුරට එරෙහිව මඩකලපුවේ රැලියක්

කසිප්පු උවදුරට එරෙහිව මඩකලපුවේ රැලියක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

මඩකලපුව සමූහ - ටී.එල්. ජව්ෆර්කාන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීති විරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය අලෙවිය නැවැත්වීමට ජනතාව පරිතිචේනයි සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් රැස් වූහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ රැසක් කසිප්පු සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දැඩි ගැටලුවලට මුහුණපා සිටින බව පවසමින් මෙම විරෝධතාව සිදු කෙරුණි.

පරිතිචේනයි කාන්තා පර්ෂද සංවිධානය, ප්‍රාදේශීය තරුණ සංගම් සම්මේලනය සහ මහජනතාව එක්ව මෙම අවධානය යොමු කිරීමේ රැලිය සහ විරෝධතාව පැවැත්විය.

මෙහිදී අවධානය යොමු කිරීමේ රැලිය පරිතිචේනයෙන් ආරම්භ වී තාණ්ඩිඅඩි විශේෂ කාර්ය බළකා කඳවුරට ගොස් ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය අලෙවිය වැළැක්වීමට සහය වන ලෙස විශේෂ කාර්ය බළකායේ කඳවුරු භාර නිලධාරී වෙත ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි.

ඉන් අනතුරුව කොක්කඩිචෝලෙයි – වවුනතිව් ප්‍රධාන මාර්ගය ඔස්සේ පෙරහර පැමිණ වවුනතිව් පොලිස් ස්ථානය ඉදිරිපිටදී අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් ද මේ අවස්ථාවේදී පාරිටිචේන ප්‍රදේශයේ දිනෙන් දින ඉහළ යන ජාවාරම් සහ මත්ද්‍රව්‍ය අලෙවිය නතර කරන ලෙස බලකරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විරෝධතාවයක් ද පැවැත්විණ.

මේ සඳහා අවධානය යොමු කරන විරෝධතාවයේ දී අල්ලස් නොගනු!, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් නොරකිනු!, කසිප්පු භාවිතය නතර කරනු! , මත්ද්‍රව්‍ය අලෙවිය නවත්වනු ආදී සටන් පාඨයෙන් හඬ නඟන ලදි.

මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන් වවුනතිව් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී තම ඉල්ලීම් ඇතුළත් පත්‍රිකාවක් භාර දුන්හ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට පොලීසිය පියවර ගන්නා බවත් ඒ සඳහා මහජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැලිය පැමිණි අතර එහිදීද අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් ක්‍රියාත්මක විය.

මේ අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් යෝගරාජා මහතා සමඟ විරෝධතාවයට සහභාගි වූ ජනතාව සාකච්ඡාවක නිරත වූහ.

සෑම ග්‍රාමසේවා ඒකකයකම සමෘද්ධි, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් තම ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. මත්ද්‍රව්‍ය සහ කසිප්පු අලෙවි කරන පවුල් හඳුනාගෙන ඔවුන්ට විදුලිය හා පානීය ජලය ලබාදීමට රජයේ සහනාධාරය අත්හිටුවීමට ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කළ යුතුයි. ඒ තුළින් තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන් නතර කළ හැකි බවට ද මෙහිදී ඉල්ලීම් කෙරුණි.

ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය අලෙවිය වැළැක්වීම සඳහා මහජනතාව සමඟ එක්ව ක්‍රියාකාරී පියවර ගැනීමට සූදානම් බව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහතික විය.

මන්මුණේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පවතින මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කළද ඇතැමුන් අල්ලස් ලබාගෙන අපරාධකරුවන්ගේ හවුල්කරුවන් ලෙස කටයුතු කරන බවත් නීති විරෝධී ක්‍රියා වැඩි වී ඇති බවත් විරෝධතාවයට එක්වූවෝ පැවසූහ.

මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ශ්‍රී ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබියදී නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ කාන්තා හා ළමා හිංසන හේතුවෙන් විශාල ගැටලු මතුවන බව මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම විරෝධතාවයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අයි. චානක්‍යන්ගේ නියෝජිතයින් ලෙස සම්බන්ධීකාරක දිනේස් සහ මඩකලපුව මහා නගර සභාවේ හිටපු මන්ත්‍රී ගව්රි යන මහත්වරු සහභාගි වී විරෝධතාවයට සහාය දැක්වූහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලිපිය පරිතුච්චේනයි කාන්තා පර්ෂද සංවිධානය මඟින් සම්බන්ධිකාරක සහ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වෙත භාර දෙන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT