Tuesday, May 13, 2025
Home » කෝටියක මත්ද්‍රව්‍ය එක්ක යුවළක් අත්අඩංගුවට

කෝටියක මත්ද්‍රව්‍ය එක්ක යුවළක් අත්අඩංගුවට

by mahesh
December 20, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර, බණ්ඩාරගම - බිමල් ජයසිංහ, නුගේගොඩ - සමීර අබේසිංහ

කොට්ටාව සහ මොරගහහේන පොලිස් වසම් දෙකෙහි සිදු කළ වැටලීම් දෙකකදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හැට පහක් හෙරොයින් ග්‍රෑම් අටසිය හතළිහක් සමඟ කාන්තාවක සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ‘ඇල්ටො ධර්මේ‘ නමැත්තාගේ ගෝලයකු මොරගහහේන කුඩාඋඩුව ප්‍රදේශයෙන් හා කොට්ටාව හෝකන්දර පාර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසයි.

කොට්ටාව වැටලීම විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් ඒකකය II ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ මහතාගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් ඒකක III හි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.

ඒ අනුව කොට්ටාව හෝකන්දර පාරේ නි‍ෙවසක් වටලා පරීක්ෂා කිරීමේ දී එහි තිබී රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 65යි, ග්‍රෑම් 480 හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ පහක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර මොරගහහේන කුඩාඋඩුව ප්‍රදේශයේ නි‍ෙවසක් වටලා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 840ක්, ඩිජිටල් තරාදි 03ක්, ජංගම දුරකතන 02ක් හා ව්‍යාජ අංක තහඩු 06ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලීසිය පවසයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ‘ඇල්ටෝ ධර්මේ‘ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන පුද්ගලයෙකු හා කලක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT