43
නව රජයේ ප්‍රතිපත්ති අනුව යමින් ක්‍රමවත් සැලස්මක් යටතේ ලංකා සළුසල ආයතන නැවත පණ ගැන්වීමට නව සභාපතිවරයා ලෙස දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා පත් කර ඇත.
ඉතා ඉක්මනින්ම නව ව්‍යාපාරික සැලසුමකට අනුව අලෙවි ප්‍රවර්ධනය ඇතුළු ආයතනයේ අනෙකුත් කටයුතු ආරම්භ කරන බව නව සභාපතිවරයා ලෙස කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් පත්වීම ගත් දිනුක් ඈෂ්ලි මහතා පැවසීය.
පෞද්ගලික අංශයේ වසර 20ක අත්දැකීම් ඇති ඔහු ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයකම පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය පාලනය, අලෙවිකරණය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර රැසක අත්දැකීම් හා පළපුරුද්දක් සහිත විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ.