Tuesday, May 13, 2025
Home » පිරිසක් බිය ගන්වා කොල්ලකෑ කල්ලියේ කොස්තාපල් කොටුවෙයි

පිරිසක් බිය ගන්වා කොල්ලකෑ කල්ලියේ කොස්තාපල් කොටුවෙයි

by mahesh
December 20, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

පොලීසියෙන් යැයි කියා සිරිපුර, රන්කෙත්ගම වැව ආසන්නයේදී පුද්ගලයන් පිරිසක් බියගන්වා තර්ජනය කරමින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවු දෙනකු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් 390,000ක මුදලක් සමඟ පවුම් 05කට ආසන්න රන් භාණ්ඩ මෙම සැකකරුවන් කොල්ලකා ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ සිරිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ පෙරේදා (18) දිනයේය. ඊට පෙර දින මෙම කොල්ලයට සම්බන්ධ සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඔවුන් තිදෙනා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙ‍ෙරට්ටුවක් සඳහා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් කොස්තාපල්වරයා ද ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාගර ගත කර ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය ජූලි 29 වැනිදාය. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ල ලැබී ඇත්තේ සැප්තැම්බර් 09 වැනිදාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT