Tuesday, May 6, 2025
Home » රටින් එවූ පොහොර ගම්පහටත් බෙදීම අරඹයි

රටින් එවූ පොහොර ගම්පහටත් බෙදීම අරඹයි

by mahesh
December 20, 2024 1:00 am 0 comment

ගම්පහ අතිරේක

මහ කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නොමිලේ ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කරන ලද MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්, පොහොර මෙට්‍රික් ටොන් 662.861ක් ගම්පහ දිස්ත්‍රික්කයට අනුමත වී ඇති බවත් මේ වන විට එම පොහොර තොගය බෙදා දීම අරඹා ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් දුමිඳු අහංගංගොඩ මහතා පැවසීය.

ලැබී ඇති පොහොර ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 15 බැගින් උඩුගම්පොළ, මිනුවන්ගොඩ, හෙනරත්ගොඩ, උඩුපිල, ජා ඇළ, ඌරාපොළ, යක්කල, බෙම්මුල්ල, බියගම සහ ගලහිටියාව යන ගොවිජන සේවා මධස්ථාන වෙතද, මෙට්‍රික් ටොන් 30 බැගින් නිට්ටඹුව, දොම්පේ, වෑකේ, මීරිගම සහ මාබොදල යන ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතද, මෙට්‍රික් ටොන් 28.4ක් පල්ලෙවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙතද, මෙට්‍රික් ටොන් 33.45ක් මරදගහමුල ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙතද, මෙට්‍රික් ටොන් 20.0ක් පස්යාල ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙතද, මෙට්‍රික් ටොන් 20.7ක් බඩල්ගම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙතද, මෙට්‍රික් ටොන් 27.15ක් වල්පිට ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙතද මේ වන විට ලැබී ගොවීන් වෙත බෙදාහරිමින් ඇති බව සහකාර කොමසාරිස්වරයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT