Home » මේ ශතවර්ෂයේ රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක් – ලෝකයටම සැනසුමක්

මේ ශතවර්ෂයේ රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක් – ලෝකයටම සැනසුමක්

by chanaka
December 21, 2024 10:23 am 0 comment

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරයි.

මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කර තිබේ.

මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත හදුන්වා දෙයි.

මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

mRNA එන්නත මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දෙයි. එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන් කෙරේ.

මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණේ “අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT