Thursday, May 8, 2025
Home » හැටන් – මහනුවර මාර්ගයේ සිදු වූ බස් අනතුරින් 03 ක් මරුට

හැටන් – මහනුවර මාර්ගයේ සිදු වූ බස් අනතුරින් 03 ක් මරුට

by yasara
December 21, 2024 12:14 pm 0 comment

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් මෙම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම කඩිනමින් දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කිරීමට කටයුතු කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT