Home » බිත්තර මිල තවත් පහළට

බිත්තර මිල තවත් පහළට

by chanaka
December 21, 2024 4:44 pm 0 comment

indian eggs

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා කියා සිටියි.

අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

සභාපතිවරයා සඳහන් කර සිටියේ මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බවයි.

උත්සව සමයේ දී වෙළෙඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් එම බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බව ඔහු පැවසීය.

එමෙන්ම උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බව ද ඔහු කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT