නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 68කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම ඒ අතරින් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන් වේ.
ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර තිබුණි. මෝටර් රථය අධික වේගයෙන් සෙනඟ අතරට ධාවනය කර තිබේ.
අනතුර සිදුකළ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 50 හැවිරිදි සෞදි අරාබියානු ජාතිකයෙකු බවට අනාවරණය කරගෙන තිබේ.
සැකකරු අදාළ මෝටර් රථය කුලියට ගෙන හිතාමතා මෙම අනතුර සිදුකර ඇති අතර, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එරට පොලීසිය පවසයි.