Home » ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට යයි

ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට යයි

by chanaka
December 21, 2024 4:04 pm 0 comment

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ, කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක බදු පනවන බවට ප්‍රකශ කිරීමත් සමඟ කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ ඇතිකරගත් ආතතීන් ඉහළයාම හේතුවෙන් පසුගිය 17වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් තිබේ.

මෙහිදී ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධීක්‍ෂණය කරමින්, කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඔන්ටාරියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් මැක්ගුයින්ටි පත් කළ අතර භාණ්ඩාගාර මණ්ඩලයේ නව සභාපති ලෙස ජෙනෙට් පෙටිපස් ටේලර් පත්කර තිබේ. එමෙන්ම නව නිවාස අමාත්‍යවරයා වශයෙන් නතානියෙල් අර්ස්කින්-ස්මිත් පත්කර ඇත.

2015 සිට අගමැති ලෙස කටයුතු කර ඇති ටෲඩෝ, ඔක්තෝබර් අගට පෙර පැවැත්විය යුතු ෆෙඩරල් මැතිවරනයට පෙර ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට දැඩි පීඩනයකට මුහුණ දී සිටින අතර කැනඩාව නිවාස අර්බුදයක සිට ඉහළ යන ජීවන වියදම දක්වා අභියෝග රාශියකට මුහුණ දෙන බැවින් මෑත වසරවලදී ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT