දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල පොලිස් බලප්‍රදේශයේ අංක 87කණුව ආසන්නයේදී අද (21) අලුයම වෑන් රථයක්, ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් ඇත.
තවත් 05දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 6හැවිරිදි අයෙකි.
කොළඹ ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට සහභාගි වීමෙන් පසු ගාල්ල බලා පැමිණෙමින් තිබූ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
පොලීසිය පැවසුවේ, වෑන් රථය ලොරියට ඉස්සර කිරිමට යාමේදී වෑන් රථයේ වම්පස ලොරියේ පිටුපස වැදී අනතුර සිදුව ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පොද්දල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.