Home » ලක‍්ෂ 76කට අධික වටිනාකමක් ඇති දුම්වැටි සමඟ කටුනායකට පැමිණි කාන්තාවන් දෙදෙනා

ලක‍්ෂ 76කට අධික වටිනාකමක් ඇති දුම්වැටි සමඟ කටුනායකට පැමිණි කාන්තාවන් දෙදෙනා

by chanaka
December 21, 2024 10:02 am 0 comment

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී ඒවා  නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(21) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් දහසක් පමණ වේ.

එලෙස අත්අඩංගුවට ගැණුනු එක් කාන්තාවක් 31 හැවිරිදි වියේ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාව 40 හැවිරිදි වියේ පසුවන ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම කාන්තාවන් දෙදෙනා අද අලුයම 12.30 ට පමණ අබුඩාබි නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල්. – 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 51,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 255 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම කාන්තාවන දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ආ ඇති අතර , අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය සමග මෙම ගුවන් මගී කාන්තාවන් දෙදෙනා ලබන 30වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT