279
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථයකි.
අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන්වේ.