Tuesday, May 6, 2025
Home » ලෝක භාවනා දිනය සැමරූ ශ්‍රී ලංකාව

ලෝක භාවනා දිනය සැමරූ ශ්‍රී ලංකාව

by chanaka
December 21, 2024 4:54 pm 0 comment

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද අදට (21) යෙදී ඇති ලෝක භාවනා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව විශේෂ භාවනා සැසි දෙකක් ශ්‍රී ලංකාවේ දී සංවිධාන කර තිබුණි.

භාවනා පුහුණුව තුළින් පුද්ගලයන්ට ඔවුන්ගේ මානසික සහ කායික යහපැවැත්ම වැඩිදියුණු කර ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාව එහි දී අවධානයට යොමු කෙරුණි.

මෙහි පළමු සැසිය කොළඹ මයුරපති භාවනා ශාලාවේදී පැවැත්වුණු අතර, දෙවැනි සැසිය රත්නපුර කලටුවාව ජේත්වනාරාම බෞද්ධ ආරාමයේදී ඊට සමගාමීව පැවැත්විණි.

මෙම සැසි දෙකටම විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගේ සන්සුන් හා පරිවර්තනීය බලපෑම් පුළුල් ලෙස ඇගයීමට ලක් විය.

2024 දෙසැම්බර් 6 වැනිදා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒකමතිකව A/79/L භාවනා දින යෝජනාව සම්මත කරන ලදී. ඒ අනුව දෙසැම්බර් 21වැනිදා ලෝක භාවනා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

මානසික හා ශාරීරික සෞඛ්‍යයට භාවනාවේ ධනාත්මක බලපෑම හඳුනා ගැනීමට ඒකාබද්ධ උත්සාහයක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ මූලික කණ්ඩායමට ඇතුලත් විය.

එසේම දෙසැම්බර් 21 වැනි දින විශේෂ වැදගත්කමක් දරයි. එනම් එදින උතුරු අර්ධගෝලයේ ශීත සූර්යාලෝකය සනිටුහන් කිරීමයි. එසේම වසරේ කෙටිම දිවා සහ දීර්ඝතම රාත්‍රිය ලෙසද මෙම දිනය සැලකේ.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT