Home » අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

by chanaka
December 21, 2024 3:38 pm 0 comment

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද (21) නාම යෝජනා කැඳවා තිබුණි.

ප්‍රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර මෙහිදී කිසිදු ප්‍රාදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලබා දී නොමැත.

ඒ අනුව, අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම ජාතික ජන බලවේගයෙන් පත්වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT