154
අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්රහණය කර තිබේ.
අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද (21) නාම යෝජනා කැඳවා තිබුණි.
ප්රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර මෙහිදී කිසිදු ප්රාදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලබා දී නොමැත.
ඒ අනුව, අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම ජාතික ජන බලවේගයෙන් පත්වී තිබේ.