Home » රට තුළ ලුණු හිඟයක් නෑ

රට තුළ ලුණු හිඟයක් නෑ

කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා - ලුණු නිෂ්පාදකයෝ කියති

by chanaka
December 22, 2024 9:17 am 0 comment

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය.

ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාළ වූ බැවින් ලුණු අස්වැන්න අඩු වූ බව ද හෙතෙම සඳහන් කළේය. එම අස්වැන්න ඊළඟ මාර්තු මාසය දක්වා ප්‍රමාණවත් නොවිය හැකි බැවින් ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා ලුණු නිෂ්පාදකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ලුණු හිඟයක් ඇති වුවහොත් ලුණු ආනයනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බව ද ඔහු පැවසීය.

ඒ අනුව 2025 පළමු කාර්තුවේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ලුණු සැපැයීමේ හිඟයක් ඇති වුවහොත් ඊට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT