Home » හාල් ඉඩෝරය ඉවරයි

හාල් ඉඩෝරය ඉවරයි

by chanaka
December 22, 2024 9:23 am 0 comment

මෙරට කෘත්‍රිම ලෙස ඇති කරන ලද සහල් හිඟයට පිළියමක් ලෙසින් රජය විසින් සහල් ආනයනයට අවකාශ සැලසීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළට ලැබුණු ප්‍රථම ආනයනික සහල් තොගය පසුගිය බදාදා ගෙන එන ලදි.

මෙම සහල් තොග කන්ටේනර් වශයෙන් කොළඹ පස්වෙනි හරස් වීදියට රැගෙන ඒමෙන් පසු දිවයින පුරා එදිනම කන්ටේනර් ටැංකි පිටින් පිටත් කිරීම ආරම්භ කොට ඇත. මෙම බොහෝ සහල් ආනයනකරුවන් ආනයනය කොට ඇත්තේ ස්වර්ණ නාඩු නම් ගල්, වැලිවලින් තොර සහල් විශේෂයයි.

ආනයනය කොට ඇති සම්බා සහල් තොග මිල රු. 228/=ක් වන අතර නාඩු සල් තොග මිල රු. 215/=කි. මෙම සහල් කිලෝ 25 බැගින් මුද්‍රිත ගෝනිවල අසුරා ඇත. සහල් ආනයනකරුවන් පවසන්නේ ඉදිරි දින දෙක තුළ දිවයින පුරාම සහල් හිඟය මග හැරෙන බවය. එමෙන්ම ආනයනකරුවන් පවසන්නේ කිසිදු හිඟයකින් තොරව කන්ටේනර් ගණනක් වුවත් සහල් සැපයීමට ප්‍රමාණවත් ආනයනික තොග තමන් සතුව ඇති බවය. පසුගිය සිකුරාදා දහවල් වන විට පිටකොටුවේ සහල් තොග බෙදාහරින පස්වැනි හරස් වීදිය ආනයනික සහල් තොග කන්ටේනර්වලින් පිරී ඉතිරී ගිය අතර ඇතැම් ප්‍රාදේශීය තොග වෙළෙන්දන් ආනයනික සහල් තොග කන්ටේනර් පිටින් මිලදී ගෙන තම ගම්බිම් වෙත රැගෙන යනු දක්නට ලැබුණි.

මේ අතර සහල් ආනයනය නිසා දේශීය සහල් මාෆියාව බිඳ වැටීම නිසා සිකුරාදා හවස් වන විට දේශීය නාඩු සහල් සහ රතු කැකුළු සහල් තොග පිටකොටුව තොග වෙළෙඳපළට ලැබෙමින් පැවතුණි.

ඡායාරූපය – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT