Tuesday, May 6, 2025
Home » අක්මීමන ගින්නකින් වෙළෙඳ සැලකට දැඩි හානි

අක්මීමන ගින්නකින් වෙළෙඳ සැලකට දැඩි හානි

by yasara
December 23, 2024 8:01 am 0 comment

ගාල්ල, අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක ඊයේ (22) රාත්‍රීයේ හටගත් ගින්නකින් එම වෙළඳසැලට දැඩි හානි සිදු වී තිබෙයි.

මෙම ගින්න නිවීම සඳහා ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීමි ඒකකයේ රථ දෙකක්, නාවික හමුදාවේ ජල බව්සර් රථ දෙකක් සහ අක්මීමට ප්‍රාදේශීය සභාවේ ජල බව්සර් රථයක් යොදාගෙන තිබුණි.

මෙම  ගින්න හේතුවෙන් ගාල්ල -උඩුගම මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ පැය හතරකට ආසන්න කාලයක් වසා දමා තිබුණ බවයි අක්මීමන පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ගින්නෙන් වෙළඳ සැලට සිදු වූ හානියද මෙතෙක් ගණනය කර නොමැති බවයි පොලීසිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT