Home » පුංචි ඡන්දය ගැන කෙටුම්පත මැතිවරණ කොමිසමට

පුංචි ඡන්දය ගැන කෙටුම්පත මැතිවරණ කොමිසමට

by chanaka
December 23, 2024 8:58 am 0 comment

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ය.

මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද ඒ සමග යොමු කර ඇති බවයි.

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි.

පළාත් පාලන මැතිවරණය ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT