Home » ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් මැදිහත් වනවා

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් මැදිහත් වනවා

by yasara
December 23, 2024 9:18 am 0 comment

මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත්, මාධ්‍ය කලාව රටේ සංවර්ධනයට දායක කරගැනීම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇති බවත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේය.

ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකලාව වෙනස් වී ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයට කුළුගෙඩි පහර එල්ල කළ තරුණ පරම්පරාවකට මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය කලාව වෙනස් කිරීම අපහසු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය.

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් ද මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (22) පැවති චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ පනස්වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ  සමරු කාසි ග්‍රැෆික් නිර්මාණ තිළිණ ප්‍රධානෝත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා  මෙම අදහස් දැක්වීය.

මේ අවස්තාවේදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ලබන වසරේ දී ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්, ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් හා Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වැඩසහන් මඟින් විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෙම අවස්ථාවට  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT