Home » රුසියාවට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් මහල් 37ක නේවාසික ගොඩනැඟිල්ලට හානි

රුසියාවට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් මහල් 37ක නේවාසික ගොඩනැඟිල්ලට හානි

by sachintha
December 23, 2024 1:40 am 0 comment

යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට යුක්රේනයෙන් රුසියාවට දරුණු ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ දකුණු දෙසින් පිහිටි කසාන් නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය සිහිගැන්වූ ප්‍රහාරයට සමාන වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ඩ්‍රෝනය මහල් 37කින් සමන්විත අඩි 396ක් උසැති නේවාසික ගොඩනැඟිල්ලේ ගැටී ගිනිජාලාවක් පැතිරී යන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලයේ සංසරණය වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රුසියානු – යුක්රේන යුද පෙරමුණට කිලෝමිටර් 965ක් දුරින් පිහිටි කසාන් නගරයට යුක්රේන හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාර 8ක් එල්ල වී ඇතැයි ද, කිලෝග්‍රෑම් 50ක පුපුරන ද්‍රව්‍ය සහිත එම ඩ්‍රෝනවලින් 6ක්ම නේවාසික ගොඩනැඟිලිවලට වැදී ඇතැයි ද රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේය. තවත් ඩ්‍රෝනයක් කාර්මික ප්‍රදේශයකට පතිත වී ඇති අතර, එක් ඩ්‍රෝනයක් රුසියානු හමුදාවෙන් විනාශ කළ බව ද ටාස් පුවත් සේවය සඳහන් කළේය. එම ප්‍රහාරවලින් පුද්ගල මරණ වාර්තා නොවූවද කසාන් ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබූ බවත්, මේ වනවිට එය නැවත වීවෘත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT