33
ශ්‍රී ලංකා රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, ලක්වැසි සැමටත් සෙත්පතා පැවැති එල්ලක්කල ඓතිහාසික පුරාණ රජමහා පත්තිනි දේවාල නානුමුර මංගල්‍යය හා ගිනිමඩු දේවපූජෝත්සවය ඊයේ (22) අවසන් කෙරිණි. එල්ලක්කල සහ මීවිටිය උත්සව කමිටුව දෙවොලේ කපු මහත්වරුන්ගේ අනුග්‍රහය ඇතිව මේ පූජෝත්සවය පසුගිය දෙසැම්බර් 20දා ආරම්භ කෙරිණි.
20දා පෙරවරුවේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද දේවාල පුද පූජා ආරම්භ කර බැතිමතුන්ට දේව දානය පිරිනැමිණි.දෙසැම්බර් 21දා මල් පෙරහර සමඟ දියකපන පෙරහර හා දේවමඩු පූජෝත්සවයත්, 22දා ගරා යක්ෂ ශාන්ති කර්මය හා මඩුශාන්තිකර්මයත් පැවැත්විණි.
රන්මලී සෝමසිරි