Home » ශ්‍රී ලාංකිකයන්ට දෙන කොරියාවේ රැකියා කෝටාව වැඩි කරන්න විපක්ෂ නායක ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිගෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකිකයන්ට දෙන කොරියාවේ රැකියා කෝටාව වැඩි කරන්න විපක්ෂ නායක ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිගෙන් ඉල්ලයි

by sachintha
December 23, 2024 2:26 am 0 comment

කොරියානු ජනරජයේ රැකියා අවස්ථාවලට ශ්‍රී ලාංකිකයන්ට දෙන කෝටාව වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා සහ කොරියානු තානාපතිනි අතර හමුවක් කොළඹදී පෙරේදා (21) පැවැති අතර එහිදී විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම ඉදිරිපත් කළ අතර කොරියානු රැකියා සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලබාදීමට රටක් ලෙස උපරිමයෙන් කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ සිට සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන බවද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවත් කොරියාවත් අතර දීර්ඝ කාලයක් පුරා පැවැති සම්බන්ධතාව නොවෙනස්ව අඛණ්ඩව පවත්වාගෙන ඒම සම්බන්ධයෙන් තානාපතිනියට සිය ස්තූතිය පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සම්බන්ධතාව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT