Saturday, May 3, 2025
Home » පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා

-ඇමැති වසන්ත සමරසිංහ

by sachintha
December 23, 2024 3:38 am 0 comment

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

සතොස හරහා පසුගිය දින 10 තුළ සහල් මෙට්‍රික් ටොන් 3000ක් අලෙවි කිරීමට කටයුතු කළ බව ද ඇමතිවරයා කීය.

‘තිබුණ ආණ්ඩුවල ඩේටා බේස්වලට අනුව තමයි අපිට කිව්වේ සහල් මෙට්‍රික් ටොන් 70000යි අඩු කියළා. 70000 ගෙනාවම ප්‍රමාණවත් කියන තැන ඉඳන් තමයි කටයුතු කළේ ‘ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

රට තුළ ඇති සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය වෙළෙඳ අමාත්‍යාංශය ලබාදුන් කාලය ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ආණ්ඩුව තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

අද පැවැත්වෙන කැබිනට්ටුවට ඒ සම්බන්ධයෙන් පත්‍රිකාවක් ඉදිරිපත් කර අවශ්‍ය අවසරය ලබා ගනිමින් ඊට අදාළ ගැසට් නිවේදනය මෙම සතියේ නිකුත් වීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT